දකුණු අප්‍රිකාව විස්සයි20 ශූරතාව දිනයි
සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර මීර්පූර්හි ඊයේ (07දා) පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් ලකුණු 31 ක ජයක් ලැබීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග 2 – 0 ක් ලෙස තරගාවලියේ ජය ඔවුන්ට හිමිවිය.
දෙරට අතර පැවැති දෙවැනි විස්සයි20 තරගාවලිය මෙය වන අතර, මීට පෙර පැවැති තරගාවලියද දකුණු අප්‍රිකාව ජයගෙන ඇත. එමෙන්ම මෙම රටවල් දෙක අතර මේ දක්වා විස්සයි20 තරග 04 ක් පවත්වා ඇති අතර, එම තරග සියල්ලේම ජය දකුණු අප්‍රිකාවට හිමිව ඇත.
ශේර් බංග්ලා ක්‍රීඩාංගණයේ ඊයේ (07දා) පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 169/4 ක් රැස්කිරීමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශ පිතිකරුවන්ට පන්දුවාර 19.2 ක් අවසානයේදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 138 ක් පමණි.
ලකුණු 16කට කඩුලු 03 ක් දවාළූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එඩී ලියැ තරගයේ විරයා ලෙස සම්මාන දිනාගත් අතර, තරග දෙකකින් යුත් මෙම තරගාවලියේ ලකුණු 95 (79 නොදැවී, 16) රැස්කළ ඩු ප්ලෙසිස් තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.
දකුණු අප්‍රිකාව 169/4 (පන්දුවාර 20)
කුයින්ටන් ඩි කොක් 44 (31), ඒ.බී. ඩිවිලියර්ස් 40 (34), ඩේවිඩ් මිලර් නොදැවී 30 (28), රිලී රූසෝව් නොදැවී 19 (06), ඩු ප්ලෙසිස් 16 (17), නසාර් හුසේන් 2/26 (4), අර්ෆාත් සනී 1/31 (4), මුස්තාෆිසුර් රෙහමාන් 1/34 (4)
බංග්ලාදේශය 138/10 (පන්දුවාර 19.2)
සෞම්‍ය සර්කාර් 37 (21), රොනී තලුක්දර් 21 (22), මුස්ෆිකර් රහීම් 19 (16), මස්රෆී මොර්ටාසා 17 (08) කේ.ජී. ඇබොට් 3/20 (පන්දුවාර 3.2) එඩින් ලියැ 3/16 (පන්දුවාර 3), ඒ.එම් ෆැන්ගිසෝ 3/30 (පන්දුවාර 4), වේන් පානෙල් 1/29
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

