දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් තරග පාවාදීම්වලට සම්බන්ධ කරගැනීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් එරට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුට චෝදනා එල්ල වී ඇතැයි වාර්තා වේ.
පසුගිය වසරේ දී පැවැති දකුණු අප්‍රිකානු ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියක් වන 'රාම් ස්ලාම්' පන්දුවාර විස්ස තරගාවලිය අතරතුරදී සිදුවූයේ යැයි කියන මෙම සිද්ධියට සම්බන්ධ ක්‍රීඩකයා කවුරුන්දැයි මෙතෙක් මාධ්‍ය වෙත හෙළිකර නොමැත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ ක්‍රීඩකයන් පිරිසකට මේ වනවිට චෝදනා එල්ල වී ඇති අතර, ඔවුන්ගෙන් වැඩි පිරිසකට මෙම චෝදනාව එල්ල වී ඇත්තේ තමන්ට යොමු වූ තරග පාවාදීම් යෝජනා සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් නොකිරීම සම්බන්ධයෙනි.
2000 වර්ෂයේදී එවකට දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායකයාව සිටි හැන්සි ක්‍රොන්යේ විසින් තරගපාවාදීම් සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වීම එරට ක්‍රිකට් ක්ෂේත්රයට දැවැන්ත කළු පැල්ලමක් එක් කළ අතර, මේ නිසා ක්‍රොන්යේට ජීවිතාන්තය දක්වාම තරග තහනමක්ද පැනවිණි.