සත්කාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර ධර්මසාලාහිදී පෙරේදා (02දා) පැවැති පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 07ක තියුණු ජයක් ලැබීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය.
ඉන්දීය කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 200ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකානු පිතිකරුවෝ තරගය නිමාවීමට පන්දු දෙකක් (19.4) පමණක් ඉදිරිව තිබියදී එම ඉලක්කය පසුකර යාමට සමත්විය. ජයග්‍රහණයේ නියමුවා වූ ජේ.පී. දුමිනි නොදැවී ලකුණු 68 ක් රැස්කිරීමට සමත්වූ අතර, ඒ වෙනුවෙන් ඔහුට වැයවූයේ පන්දු 34ක් පමණි. දුමිනිගේ ඉනිම හයේ පහර 07ක් හා එක් හතරේ පහරකින් හැඩවිය.
හිමාචල් ප්‍රදේෂ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ දකුණු අප්‍රිකාවේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 199/5 ක් රැස්කිරීමට සමත්විය. රෝහිත් ශර්මා ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිස ලකුණු 106 ක් රැස්කිරීමට සමත්විය. හයේ පහර 05ක් හා හතරේ පහර 12 ක් සමගින් පන්දු 66කදී ගොඩනැගුණු ශර්මාගේ එම ඉනිම පළමු විස්සයි20 ශතකය විය. තරගයේ වීරයා ලෙස ජේ.පී. දුමිනි සම්මාන දිනාගත්තේය. තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ දෙවැනි තරගය හෙට (05දා) කටක්හිදී පැවැත්වේ.
ජේ.පී. දුමිනි