දක්ෂතම ක්‍රීඩකයා සම්මානය හෙල බොක්සිං ක්‍රීඩා සමාජයේ තිවංක රණසිංහටත්, දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය යුනිචෙලා ක්‍රීඩා සමාජයේ දුලංජලී ධර්මතිලකටත් හිමි කර දෙමින් ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය ඊයේ (06) කොළඹදී නිමාවට පත් විය. ක්‍රීඩා සමාජ 17 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 ක් සහභාගි වූ තරගාවලියේ දක්ෂතම පරාජිතයා ලෙසින් ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ මලිත් ප්‍රභාෂ්වර සම්මාන දිනා ගනිද්දී දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව වූයේ හෙල ක්‍රීඩා සමාජයේ සිතාරි සඳරේඛා ය.
මෙහි පිරිමි අංශයේ වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවක් දිනා ගැනීමට ස්ලිම්ලයින් බොක්සිං ක්‍රීඩා සමාජය සමත් විය.
එමෙන්ම කාන්තා අංශයේ කැපි පෙණෙන දක්ෂතා දක්වමින් රන් පදක්කම් 5 ක් දිනා ගැනීමට යුනිචෙලා ක්‍රිඩා සමාජය සමත් විය.
තරගාවලිය දින 5 ක් (2-6) පුරාවට කොළඹ රාජකීය %මාස් ඇරීනා^ බොක්සිං ක්රීඩාගාරයේදී පැවැත්විණි.
තරගාවලියේ ත්‍යාග ප්‍රධානයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂ අන්තර්ජාතික බොක්සිං ක්‍රීඩකයෙකු වන අනුරුද්ධ රත්නායක මහතා සහභාගි විය.
දුලංජලී දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය හිමි කර ගනිමින්
තිවංක දක්ෂතම ක්‍රීඩකයා සම්මානය හිමි කර ගනිමින්
ඡායාරූප- ඉසුරු පෙරේරා