ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයට තරග වදින තිලංග සුමතිපාල මහතා සඳහන් කරනේ තමන්ට ඡන්ද 100කට අධික ප්‍රමාණයක් ලබාගැනීමට හැකියාවක් පවතින බවත් ඒ සඳහා සාමාජිකත්වය තමන්ට සහතිකයක්ද දී ඇති බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය හෙට (03දා) ක්‍රීඩා අමාත්‍යාංශයේදි පැවැත්වීමට නියමිතය. තිලංග සුමතිපාල මහතාගේ ප්‍රතිවාදී පාරශ්වය ලෙස නිශාන්ත රණතුංග මහතාගේ පාර්ශ්වය තරග කරනු ලබයි.
තමන්ට මෙවර නිලවරණයේදි ජයග්‍රහණය ලබා ගත හැකි බවත් ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නැංවිමට පියවර ගන්නා බවත් තිලංග සුමතිපාල මහතා නිකුත් කළ නිවේදනයේ වෙයි.