ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක හයේ පිතිකරු තනතුර සඳහා පිතිකරුවෙක් අවශ්‍ය වූ බවත් ළහිරු තිරිමාන්න අවසන් තරග දෙකේදී එම ස්ථානයට සුදුසු බව පෙන්වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය.
ඊයේ (16දා) පැවැති පස්වැනි එක්දින තරගයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.
"මම ගොඩක් තෘප්තිමත් තිරිමාන්න පිතිකරණයෙ යෙදුණ ආකාරය පිළිබඳව, අපිට අංක හයේ ස්ථානයට පිතිකරුවෙක් අවශ්‍ය වුණා. මම හිතනවා අවසන් තරග දෙකේදී තිරිමාන්න ඒ කාර්යය ඉටුකළා කියලා. " යැයි මැතිව්ස් සඳහන් කළේය.