තායි විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ තෙවැනි හා අවසන් දිනය අද (09දා) අවසන්වූයේ ශ්‍රි ලංකා කණ්ඩායම රන් පදක්කම් 6ක්, රීදී පදක්කම් 5ක් හා ලෝකඩ පදක්කමක් දිනාගනිමිනි. අද පැවැති තරග වලින් රන් පදක්කම් 2ක් හා රීදී පදක්කම් 2ක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වූහ.
මීටර 5000 කාන්තා තරග ඉසව්ව නියෝජනය කළ ගීතානි රාජසේකර එම ඉසව්වේ රන් පදක්කම හිමිකරගත් අතර, ඒ සඳහා ඇය විනාඩි 17.18.24 කාලයක් වාර්තා කළාය. මෙම තරගාවලියේ ඇය දිනූ දෙවැනි රන් පදක්කම මෙයවේ. එහි පිරිමි ඉසව්ව නියෝජනය කළ ලයනල් සමරජීව විනාඩි 14.41.75 කාලයක් වාර්තා කරමින් රීදි පදක්කම දිනාගැනීමට සමත්විය.
මීටර 800 කාන්තා තරග ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඩබ්.කේ.එල්.ඒ නිමාලි සමත්වූවාය. ඒ සඳහා ඇය විනාඩි 2.05.02 කාලයක් වාර්තා කළ අතර, එහි පිරිමි තරගයට ක්‍රීඩාකළ ඩී.ඩී. අබේරත්න විනාඩි 2.07.21 කාලයක් වාර්තා කරමින් රීදී පදක්කම දිනාගැනීමට සමත්විය.මීට අමතරව තුන් පිම්ම පිරිමි තරග ඉසව්ව නියෝජනය කළ එරංග දිනේෂ් ප්‍රනාන්දු මීටර 15.98 දුරක් වාර්තා කරමින් රීදී පදක්කම දිනාගැනීමට සමත්විය.