තරගය ජයගන්න ඉන්දියාව අල්ලස් දෙයි
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද (31දා) ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතය.
එවැනි තත්ත්වයක් තුළ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කොදෙව් කණ්ඩායමට මේ වන විට ටෙස්ට් තරග හතරක් ලබා දී ඇත. එම තරගාවලිය ජුලි හා අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතය.
තරගාවලිය කොදෙව්හි පැවැත්වීමට නියමිත අතර ඉන්දියාව සමග ටෙස්ට් තරග හතරක් පැවැත්වීම යනු කොදෙව්වන්ට විශාල මුදල් කන්දරාවක් රැස්කර ගැනීමට අවස්ථාවක් වෙයි.
2014 වසරේදී කොදෙව් කණ්ඩායම ඉන්දියාවේ කළ තරග සංචාරයේදි කොදෙව් ක්‍රිකට් මණ්ඩලය හා ඇතිකරගත් ගැටලුවක් හේතුවෙන් ඉන්දියාව හා පැවැති ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීම කොදෙව් ක්‍රීඩකයන් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියක තීරණාත්මක තරගයක් අබියස ඉන්දීය කණ්ඩායම විසින් කොදෙව්වන්ට දුන් මෙම තරග සංචාරය 'අල්ලස්' වශයෙන් හැදින්විය හැකි බවයි විචාරකයන් පවසන්නේ.
ක්‍රකට් වලින් බලවත්ම රට ඉන්දියාව වන අතර ඉන්දියාව ක්‍රිකට් ක්‍රඩාව හසුරන අයුරු ලොවට පැහැදිලි කෙරෙන එක් අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකි බවද ඔවුහු පවසති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

