බංග්ලාදේශ ප්‍රිමියර් ලීග තරගාවලියේදී ශ්‍රී ලංකාවේ සීමිත පන්දුවාර නායක උපුල් තරංග නියෝජනය කරන සිල්හෙට් සික්සර්ස් කණ්ඩායම කඩුලු 9ක පහසු ජයක් ලැබීය.
ඊයේ (04දා) පැවැති තරයේදී මුලින්ම පන්දුවට පහරදුන් කුමාර් සංගක්කාර නියෝජනය කරන ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම පන්දුවාර 20ට ලකුණු 136/7ක් රැස්කළේය. ඉනිමේ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස්කළ කුමාර් සංගක්කාර පන්දු 28ට ලකුණු 32ක් රැස්කළේ හතරේ පහර තුනක් හා එක් හයේ පහරක් සමගිනි.
ලකුණු 137ක ඉලක්කය හඹා ගිය සිල්හෙට් කණ්ඩායම පන්දුවාර 16.5කදී එක් කඩුල්ලක් පමණක් දැවි ඉලක්කය සම්පූර්ණ කළේය. මෙහිදී ආරම්භක පිතිකරුවන් වූ උපුල් තරංග හා ඇන්ඩෘ ෆ්ලෙචර් පන්දුවාර 15.3කදී ලකුණු 125ක සබඳතාවක් පැවැත්වීය. උපුල් තරංග නොදැවී ලකුණු 69ක් රැස්කළේ පන්දු 48කිනි. එයට හතරේ පහර 5ක් හා හයේ පහර දෙකක් ඇතුළත්විය.