තමා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරණ අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එවකට හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රිඩකයන් මෙන්ම පිහුණුකරුවන් තමන්ට සහාය නොදැක්වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
එසේම තමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ කළ තරග සංචාරයේදී ඇගිල්ලේ ආබාධයකට ලක්ව තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි අවස්ථාවකදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් නායකත්වය බාර ගන්නා ලෙසට ඉල්ලීම් කළත් එහිදී ඔවුන් ප්‍රතික්ෂේප කළ බවත් ඔහු පැවැසීය.
ඩිල්ෂාන් නායක්වය දරණ විට ශ්‍රී ලංකා කණඩායමේ හිටපු නායකයන් දෙදෙනෙක් වෙන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධනයද කටයුතු කළේය. කෙසේ වෙතත් ඊයේ තරගයෙන් පසුව සිය ට්විටර් ගිණුම් සඳහා ප්‍රකාශයක් කරමින් සංගා මෙන්ම මහේල පැවැසුවේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ඩිල්ෂාන් වෙනුවෙන් යමක් කළ නොහැකි වුවත් ඊයේ පැවැති තරගය හොඳ තරගයක් බවයි.