දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු දෙකක ජයක් හිමිකර ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අද (28දා) සමත්වූයේය. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 227ක ඉලක්කය කඩුලු අටක් වැය කර ජයගනිමිනි. ඒ අනුව තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගැනීමටත් ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.
මෙම තරගය ඩිල්ෂාන්ගේ අවසන් එක්දින තරගය වූ හෙයින් ඔහුට ජයග්‍රහණයක් ලබාදිමට ශ්‍රී ංකා කණ්ඩායම උත්සාහ කළත් ඔස්ට්‍රේලියානුවන්ගේ සටන්කාමීත්වය නිසා එය අහිමිව ගියේය. තරගයේ වීරයා ලෙස ජෝර්ජ් බේලි සම්මාන ලැබීය.