හොංකොං පන්දුවාර විස්සයි20 තරගාවලියේදී පන්දු 31කදී ශතකයක් වාර්තා කරමින් වාර්තාවක් පිහිටුවීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ඩ්වෙන් ස්මිත් සමත්විය.
ඒ ඊයේ (09දා) පැවැති තරගයකදීය. ඔව්ලූන් කැන්ටොස් කණ්ඩායම වෙනුවෙන් ඔහු මෙම දක්ෂතාව දැක්වීයත සිටි කයිටාක් කණ්ඩායමට එරෙහිව පන්දු 40කදී ලකුණු 121ක් වාර්තා කිරීමට ස්මිත් සමත්වූයේය.
ස්මිත් පසුගිය සතියේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමටත් කටයුතු කළේය. තරයේදී ඔහු මුහුණ දුන් පළමු පන්දුවාරයට ලකුණු 28ක් වාර්තා කිරීමටත් ස්මිත් සමත්විය.