එංගලන්ත ක්රිකට් ක්රීඩක ජේම්ස් ටේලර් සිය වෘත්තීමය ක්රිකට් දිවියෙන් සමුගැනිමට තිරණය කර තිබෙනවා. ඒ ඔහුගේ හදවතේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන්.
එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් හා එක්දින තරග සඳහා එක්ව ඇති ඔහු පසුගිය මැයි මාසයේදී එංගලන්ත කණ්ඩායම අයර්ලන්තයේ කළ තරග සංචාරයේදී එම කණ්ඩායමේ නායකත්වයද දැරීය.
මේ පිළිබඳව අදහස් දක්වා සිටින එංගලන්ත කණ්ඩායමේ අධ්යක්ෂ ඇන්ඩෘ ස්ට්රාවුස් පැවැසුවේ ඔහුගේ ක්රිඩා දිවිය මේ ආකාරයෙන් අවසන් වීමට දැකීම පිළිබඳව කනගාටුවක් තිබෙන බවයි. කෙසේ වෙතත් ඔහුව රෝගී තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා ගත යුතු සෑම පියවරක්ම ගන්නා බවද ස්ට්රාවුස් පැවැසීය.