ශ්රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැති සිවුවැනි එක්දින තරගයෙන්ද ශ්රී ලංකා කණ්ඩායම දරුණු පරාජයකට ලක්වූ අතරඒ අනුව හදිසියේ යොදාගත් ඉන්දීය තරගාවලියේදී ශ්රී ලංකා කණ්ඩායම පෙන්වන දැඩි පසුබෑම සමබන්ධයෙන් වන වගකීම ශ්රී ලංකා ක්රිකට් ආයතනයට මේ වනවිට එල්ලවෙමින් තිබේ.
මේ පිළිබඳව අප ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතාගෙන් විමසා සිටි අතර, ඔහු සඳහන් කළේ ශ්රී ලංකා කණ්ඩායම තරගාවලිය නිමාකර ශ්රී ලංකාවට පැමිණිවිට කුමක් සිදුවූයේදැයි සොයාබලන බවයි.
“මොකක්ද ඉතින් කියන්න තියෙන්නෙ. ටීම් එක එන්න ඕන කතාකරන්න මොකක්ද වෙලා තියෙන්නෙ කියලා අහගන්න. හරි උත්තරයක් දෙන්න අමාරුයි ඒ ප්රශ්නෙට” යනුවෙන් සභාපතිවරයා සඳහන් කළේය.