අභාවයට පත් නවසීලන්ත හිටපු සුපිරි රග්බි ක්‍රීඩක ජොනා ලොමූ තම ක්‍රීඩා ජීවිතයේ වැඩි කාලයක් පියමං කළ ඕක්ලන්ඩ් හි ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයට නීල වශයෙන් සමුදීම ඊයේ (29) සිදුකළේය. ඒ එම ක්‍රීඩාංගණයේදී පැවැති ලෝමුගේ ගුණානුස්මරණ උත්සවයකදීය.
ලෝමුගේ දේහය පෙරේදා ඕක්ලන්ඩ් ක්‍රීඩාංගණයට රැගෙන ඒමට ඔහුගේ සමීපතමයන් ක්‍රියා කළේ, ඔහු විසින් රග්බි ක්ෂේත්රයට සිදුකරන ලද අගනා සේවය නැවතත් මතක් කිරීම පිණිසයි.
මේ සඳහා ලෝමුගේ සමකාලීන ක්‍රීඩා සගයන්, පාසල් සිසුන් ඇතුළු දහස් සංඛ්‍යාත ජනකායක් ක්‍රීඩා පිටියට රැස්වී සිටි අතර, ඔහුගේ දේහය ක්‍රීඩා පිටියට ගෙන ඔසවා ගෙන එනු ලැබුවේ වත්මන් නවසීලන්ත ජාතික රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයන් විසිනි.
මෙහිදී සාම්ප්‍රදායික 'මාඔරි' ගෝත්‍රිකයන් මෙන්ම ලොමුගේ සමකාලීන නවසීලන්ත ක්රීඩකයෝද 'හකා' නර්තන මගින් ඔහුට සිය ආචාරය පුද කළහ. 40 හැවිරිදි මෙම ලෝක පූජිත රග්බි තරුව හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් පසුගිය 18 වැනිදා හදිසියේම ජීවිතයෙන් සමුගත්තේය.
මේ අතර ලෝමුගේ අවසන් කටයුතු අද (01දා) ඕක්ලන්ඩ්හීදී සිදු කිරීමට නියමිත බව නවසීලන්ත ආරංචි මාර්ග මගින් දැක්වේ.