ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ නිලවරණය කල්දැමීමට කටයුතු කරන ලෙස සඳහන් කරමින් ජාත්‍යන්තර ජල ක්‍රීඩා සංගමය (Fina) සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාට අද (11දා) ලිපියක් යොමුකොට තිබේ.
ජාත්‍යන්තර ජල ක්‍රීඩා සංගම් ව්‍යවස්ථාවේ 14 BL වගන්තියට ශ්‍රී ලංකා ක්‍රීඩා නීතිය අනුකූල වනතෙක් නිලවරණය කල් දමන්නැයි ජාත්‍යන්තර ජල ක්‍රීඩා සංගමය අමාත්යරවරයාට යොමුකළ ලිපියේ දැක්වෙයි. ජල ක්‍රීඩා සංගමයේ නිලවරණය එළඹෙන 15 වැනිදා පැවැත්වීමට නියමිතව තිබිණි.