ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා හට ඔස්ට්‍රේලියාවේ බිග්බෑෂ් ලීග තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා නොදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටු සභාපති සනත් ජයසූරිය කටයුතු කොට ඇත. තිසර මේ වන විට සිය රිද්මයෙන් බැහැරව කටයතු කරමින් සිටින හෙයින් තිසර ශ්‍රී ලංකාවේ සිටිමින් පුහුණුවීම් සිදු කළ යුතු බව සනත් විසින් තිසරට දැනුමී දී ඇත.
ඔස්ට්‍රේලියාවේදී මේ වන විට පැවැත්වෙන බිග් බෑෂ් ලීග තරගාවලිය සඳහා සහභාගීවීමට තිසර ඉල්ලීමක් කර තිබේ. “ අපි ඔහුට බිග්බෑෂ් සඳහා ක්‍රීඩා කරන්න අවසර දෙන්නේ නෑ. ඔහු ශ්‍රී ලංකාවේ සිටිමින් වැඩ කළ යුතුයි.” යනුවෙන් ජයසූරිය ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියට පැවැසීය. ලසිත් මාලිංග, තිලකරත්න ඩිල්ෂාන් හා මුරලිදරන් මේ වන වට බිග්බෑෂ් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටිති.