ජනසතු සේවා ක්‍රිකට් සංගමය විසින් සෑම වසර දෙකකට වරක් සිදුකරනු ලබන විදෙස් තරග සංචාරය මෙවර එක්සත් අරාබි එමිර් රාජ්‍ය‘යේ සිදුකිරීමට නියමිතව තිබේ. ඒ සඳහා සහභාගි වන කණ්ඩායම් ඊයේ (03දා) දිවයිනෙන් පිටත්ව ගියේය.
ශ්‍රී ලංකාවේ අර්ධ රාජ්‍ය ආයතනවල සේවය කරන ක්‍රිකට් ක්‍රීඩකයන් වෙත ජාත්‍යන්තර ක්‍රිකට් අත්දැකීමක් ලබාදීම හා ඔවුන්ගේ නායකත්ව කුසලතා වැඩිදියුණු කිරීම මෙවැනි තරග සංචාරයන් සිදුකිරීමේ ප්‍රධාන අරමුණ වේ. මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 04ක් සහභාගි වන අතර, ඉන් ජනසතු සේවා 'ඒ' හා 'බී' ලෙස කණ්ඩායම් 02ක් හා ප්‍රවීණයන්ගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වේ.
මෙම කණ්ඩායම් එළඹෙන 08 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිත අතර, මෙහි තරග සංචාරක කළමනාකරු වශයෙන් රොෂාන් යාපා, සහකාර සංචාරක කළමනාකරු වශයෙන් උදය ඉමල්ශ හා භාණ්ඩාගාරික කොළඹගේ යන මහත්වරු සහභාගි වෙති. ජනසතු සේවා ක්‍රිකට් සංගමයට වසර 50ක් මෙම වර්ෂයට සම්පූර්ණ වන අතර, එම සංගමයේ වත්මන් සභාපති වශයෙන් නලින් අපොන්සු මහතා කටයුතු කරයි.