බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ශ්රී ලංකාවේ ජනක් ගමගේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. බංග්ලාදේශ ක්රිකට් මණ්ඩලය විසින් ජනක්ගේ ගිවිසුම දීර්ඝ කිරීමට කටයුතු නොකිරීම හේතුවෙනි.
ජනක් ගමගේ මීළගට තායිලන්ත කාන්තා ක්රිකට් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කිරීමට නියමිතය. 2014 වසරේදී බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පුහුණුකරු ලෙස වසරක ගිවිසුමකට අත්සන් කළ ජනක් ගමගේගේ ගිවිසුම නැවතත් වසරකින් දීර්ඝ කිරීමටද බංග්ලාදේශය කටයුතු කළේය.
මේ අතර බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන චන්දික හතුරුසිංහ මහතාගේ ගිවිසුම් කාලය නැවත වරක් දීර්ඝ කිරීමට බංග්ලාදේශය කටයුතු කළ අතර ඔහුව බංග්ලාදේශ ක්රිකට් තේරීම් කමිටුවට අනියුක්ත කිරීමටත් බංග්ලාදේශ ක්රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.