ජනක කාංචන තවත් ගිනස් වාර්තාවකට සැරසෙයි
මෙවර සූදානම විනාඩි 30කදී, කිලෝ 50ක් බර හාල් හෝ සීනි මුට්ට 15කට වැඩියෙන් මීටර 15ක් දුරට ඔසවාගෙන යාම
ලොව ශක්තිමත්ම දත් දෙපළට හිමි ගිනස් වාර්තාව ඇතුළු වාර්තා රැසකට හිමිකම් කියන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවයේ කරන ජනක කාංචන මුදන්නායක තවත් ගිනස් වාර්තාවක් පිහිටුවීමට මේ වනවිට සූදානමින් සිටියි.
මෙහිදී ඔහු කිලෝ 50ක් බර හාල් හෝ සීනි මුට්ට කටින් එකින් එක ගෙන 15කට වැඩි ප්‍රමාණයක් මීටර 15ක් දුරට රැගෙන යාමට බලාපොරොත්තු වන අතර, මෙම වික්‍රමය විනාඩි 30ක් ඇතුළතදී සිදුකිරීමට ඔහු සූදානමින් සිටියි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ අභ්‍යාස ආයතනයේදී පිළිගත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේදී මෙය එළඹෙන 29 වැනිදා උදෑසන 10.00ට සිදුකිරීමට නියමිතව තිබේ.
ජනක පිහිටුවීමට සූදානම් වන මෙම වාර්තාව හා සමාන වාර්තාවක් ලොව මීට පෙර කිසිවෙකු හෝ විසින් පිහිටුවා නොමැති අතර, මෙවැනි වාර්තාවක් පිහිටුවීමේ පරිසාදන මට්ටම ලෙස ගිනස් වාර්තා තරග නීතිරීතිහි දක්වා ඇත්තේ පැය භාගයක් තුළදී කිලෝ 50ක් බරැති මුට්ට 15කට වැඩි ප්‍රමාණයක් රැගෙන යාමයි. ඒ අනුව ඔහු සිය ගිනස් වාර්තාව පිහිටුවීම සඳහා කිලෝ 50ක් බරැති මුට්ට 20කට වැඩි ප්‍රමාණයක් ඔසවාගෙන යාමට බලාපොරොත්තු වෙයි.
ජනක පසුගිය වසරේ ඔක්තෝබර් මසදීද ගිනස් වාර්තාවක් පිහිටු වූ අතර, එවර ඔහු අඩි 04ක් දිග, මි.මී. 12ක වට ප්‍රමාණයක් සහිත, ග්‍රෑම් 900ක් බර වානේ කම්බි 20ක් එක් විනාඩියක් තුළ තම දත්වලින් නවා ගිනස් වාර්තාව පිහිටුවූයේය. එම වාර්තාව ඔහුට පෙර පිහිටුවා තිබූ රුසියානු ජාතිකයා, ඉහළ ප්‍රමිතියෙන් යුත් කම්බි 09ක් නවා තිබුණි.
මීට අමතරව ජනක තම දකුණතේ ඇඟිලි තුඩු මතින් ටොන් එකහමාරක් (ටො. 1.5) බරැති එල්. 300 වර්ගයේ වෑන් රථ 32ක්, විනාඩි 13ක් තුළදී ධාවනය කර ගිනස් වාර්තාවක් පිහිටුවා තිබේ. එමෙන්ම ලෝක වාර්තාවකටද හිමිකම් කියන ඔහු 1998 වසරේදී ටොන් 9.5ක් බරැති කෝච්චි පෙට්ටියක්, සැතපුම් එකයි කාලක් (සැ. 1.25) තම දෙඅතේ ඇඟිලි තුඩු මගින් තල්ලු කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


