පාකිස්තානු වයස අවුරුදු 19 කණ්ඩායමට එරෙහිව නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් යොවුන් ක්‍රීඩක චරිත් අසලංක සිය කුලුඳුල් ජාත්‍යන්තර ද්විත්ව ශතකය අද (05දා) වාර්තා කළේය. ඒ පාකිස්තාන වයස 19 පහළ කණ්ඩායමට එරෙහිවය
සූරියවැව ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ශ්‍රී ලංකා අවුරුදු 19 පහළ කණ්ඩායම ලකුණු 347 කට කඩුලු 09ක් දැවී තිබියදී ඉනිම අත්හිටවූ අතර, පාකිස්තානු අවුරුදු 19 පහළ පළමු ඉනිම ලකුණු 209 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.
ශ්‍රී ලංකා නායක චරිත් අසලංකගේ ද්විත්ව ශතකය පන්දු 276කින් වාර්තා වූ අතර, හතරේ පහර 24 කින් හා එක් හයේ පහරකින් ඊට ඇතුළත් විය. මෙය අවුරුදු 19 පහළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු රැස්කළ දෙවැනි ජාත්‍යන්තර ද්විත්ව ශතකය වන අතර, මීට පෙර යශෝදා ලංකා එංගලන්තයට එරෙහිව ද්විත්ව ශතකයක් රැස් කර තිබුණි. හෙට (06දා) තරගයේ අවසන් දිනයයි.