ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා සංචාරක ඔස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම අතර අද (07දා) කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන එකම තුන්දින ටෙස්ට් තරගය වෙනුවෙන් සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (06දා) ප්‍රකාශයට පත් කෙරිණි.
ජාතික කනිෂ්ඨ තේරීම් කමිටුව තෝරාගනු ලැබූ 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වයට ගාල්ල රිච්මන්ඩ් විදුහලේ චරිත් අසලංක පත්කර ඇති අතර, උපනායකත්වය මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ අවිෂ්ක ප්‍රනාන්දු පත්කර ඇත.
මෙම තරගයට පෙර දෙරට අතර පැවැති තරග හයකින් සමන්විත එක්දින තරගාවලිය තරග 3-1 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකා සංචිතය
01.චරිත් අසලංක (නායක/ රිච්මන්ඩ් විදුහල, ගාල්ල), 02. අවිශ්ක ප්‍රනාන්දු (උපනායක/ ශාන්ත සෙබස්තියන් විදුහල, මොරටුව), 3. අකිල් ඉන්හාම් (ඩී.එස්. සේනානායක විදුහල, කොළඹ), 4. කවීන් බණ්ඩාර (ඩී.එස්. සේනානායක විදුහල, කොළඹ), 5. මාලිංග අමරසිංහ (නාලන්දා විදුහල, කොළඹ), 6. කමිඳු මෙන්ඩිස් (රිච්මන්ඩ් විදුහල, ගාල්ල), 7. ටිරාන් ධර්මපාල (රාජකීය විදුහල, කොළඹ), 8. රෂ්මික ඕපාත (ශා. තෝමස් විදුහල, ගල්කිස්ස), 09. අරවින්ද අකුරුගොඩ (ශාන්ත ජෝශප් විදුහල, මරදාන), 10. කේෂාන් වීරරත්න (මලියදේව විදුහල, කුරුණෑගල), 11. රවිඳු තිලකරත්න (ශා. තෝමස් විදුහල, ගල්කිස්ස), 12. ශම්මු අශාන් (ආනන්ද විදුහල, කොළඹ), 13. වනිඳු හසරංග (රිච්මන්ඩ් විදුහල, ගාල්ල), 14. අසිත ප්‍රනාන්දු (ශා. සෙබස්තියන් විදුහල, කටුනේරිය), 15. දමිත් සිල්වා (මලියදේව විදුහල, කුරුණෑගල), ළහිරු කුමාර (ත්‍රිත්ව විදුහල, මහනුවර)