ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ආබාධයකට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.කොන්දේ ඇතිවී තිබෙන ආබාධ තත්ත්වය පිළිබඳව කරනු ලැබූ ස්කෑන් පරීක්ෂණයේදී චමීරට මාස හතරක පමණ කාලයක විවේකයක් අවශ්‍ය බව වෛද්‍යවරු නිර්දේශ කර තිබේ.
ඒ අනුව චමීර නැවත ශ්‍රි ලංකාවට පැමිණිමට නියමිත අතර ඔහු වෙනුවට ආදේශ කරන ක්‍රීඩකයා ඉදිරි පැය 24 තුළදී නම් කරන බවද ක්‍රිකට් ආයතය කියයි. එංගලන්ත සංචාරයට එක්ව සිටි ධම්මික ප්රසාද්ද ආබාධයක් හේතුවෙන් නැවතත් දිවයිනයට පැමිණියේය. ඔහු වෙනුවට කුසල් පෙරේරා ටෙස්ට් සංචිතයට නම් කරනු ලැබීය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින තවත් සුපිරිතම වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංගද මේ වන විට ආබාධයක් නිසා කෙටිකාලීනව ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටියි.