ශ්රී ලංකා කණ්ඩායමේ නව වේග පන්දු පුහුණුකරු වශයෙන් තරගාවලි තුනක් අරමුණු කරමින් චම්පක රාමනායක මහතා පත්කිරීමට කටයුතු කළ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.
ඒ අනුව ඔහු ශ්රී ලංකාව කණ්ඩායම හා පාකිස්තානය, ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් අතර පැවැත්වෙන තරගාවලි සඳහා ඔහු වේග පන්දු පුහුණුකරු වශයෙන් කටයුතු කරනු ඇත.
චම්පක රාමනායක මහතා මීට ඉහතදීද ශ්රී ලංකා කණ්ඩායමේ පන්දුයැවීමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරනු ලැබීය. හිටපු ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක චමින්ද වාස් සිය ගිවිසුම් කාලය දිගු නොකිරීමට කටයුතු කිරීම හේතුවෙන් වේග පන්දු යැවීමේ තනතුර හිස්ව පැවැතියේය.