තරග කිහිපයකට පසුව නැවතත් සුපුරුදු රිද්මයට පැමිණි දිනේෂ් චන්දිමාල්ගේ දක්ෂ පිතිහරඹයත්, අවසන් පන්දුවාර කිහිපයේදී අජන්ත මෙන්ඩිස් ලබාදුන් අනගි සහායත් හේතුවෙන් අබුඩාබිහි පැවැති පස්වැනි හා අවසන් එක්දින තරගයෙන් කඩුලු දෙකක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. නමුත් තරගාවලියේ ජය 3-2 ලෙස පාකිස්තානයට හිමිවිය.
ලකුණු 233 ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකරැවෝ ඉනිම අවසන් වීමට පන්දු 2ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර යාමට සමත්විය. ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදෙමින් කුසල් ජනිත් හා තිලකරත්න ඩිල්ෂාන් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 75 සබඳතාවක් ගොඩනැගුහ. හයේ පහර 4කින් පිටිය වර්ණවත් කළ කුසල් දැවීගියේය. මුළු ලකුණු සංඛ්‍යාව 113ක් වනවිට දෙවැනි කඩුල්ල ලෙස ඩිල්ෂාන් දැවීගියේය. ඉන් අනතුරුව සංගක්කාර දැවී යාමත් සමග ශ්‍රී ලංකා ඉනිම කඩාවැටුනු අතර, අශාන් ප්‍රියන්ජන් එක් ලකුණුකටත්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 8කටත් දැවී යාමත් සමග පාකිස්තාන පන්දු යවන්නන් හමුවේ තවදුරටත් අසරණවන්නට ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිදුවිය. සිය අන්තය රුකගත් දිනේෂ් චන්දිමාල්, අජන්ත මෙන්ඩිස් හා එක්ව නව වැනි කඩුල්ලට ලකුණු 40ක සබඳතාවක් ගොඩනගා ශ්‍රී ලංකාව ජය මාවත කරා රුගෙන ගියහ.
දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 64ක් රුස්කිරීමට සමත්වූ අතර, එය චන්දිමාල් ඉනිම් 18කට පසුව රුස්කළ අර්ධ ශතකය වීම කැපී පෙනුණි. මීට අමතරව අජන්ත මෙන්ඩිස් සිය එක්දින දිවියේ හොඳම ඉනිම මෙම තරගයේදී ක්‍රීඩාකළ අතර, ඔහු ශ්‍රී ලංකාවට ලකුණු අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙමින් පන්දු 14ක් තුළ වේගවත් ලකුණු 19ක් රුස්කිරීමට සමත්විය. තරගයේ වීරයා ලෙස දිනේෂ් චන්දිමාල් සම්මාන ලැබූ අතර, තරගාවලියේ වීරයා ලෙස මොහොමඩ් හෆීස් සම්මාන ලැබීය.
කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 49.3 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 232 ක් රුස් කළේය. පාකිස්තාන ඉනිම ඔසවා තැබූ නායක මිස්බා උල් හක් ලකුණු 51ක් රුස්කළ අතර, මොහොමඩ් හෆීස් හා අන්වර් අලී ලකුණු 41 බැගින් රුස්කළහ. පසුගිය ඉනිම් කිහිපයේදීම දැඩි පහරකෑමකට ලක්ව සිටි ලසිත් මාලිංග ක්‍රියාත්මක වෙමින් සාර්ජිල් ඛාන්, ශොයිබ් මක්සූඩ්, මිස්බා උල් හක් වැනි ප්‍රබල පිතිකරැවන් සිවුදෙනෙකුම ක්‍රීඩාගාරයට හරවා යැවූ අතර, සුරංග ලක්මාල් 42/3 ලෙස කඩුලු දවාලමින් ප්‍රතිවාදී පිතිකරැවන් තවදුරටත් අසරණ කළේය.
පාකිස්තානය 232/10 (පන්දුවාර 49.3)
මිස්බා උල් හක් 51 (පන්දු 74, 4x2, 6x1)
අන්වර් අලි නොදැවී 41 (පන්දු 38, 4x2, 6x1)
මොහොමඩ් හෆීස් 41 (පන්දු 56, 4x2)
ශ්‍රී ලංකාව පන්දු යැවීම
ලසිත් මාලිංග 57/4 (පන්දුවාර 10)
සුරංග ලක්මාල් 42/3 (පන්දුවාර 7.3)
ඇන්ජලෝ මැතිව්ස් 26/1 (පන්දුවාර 10)
ශ්‍රී ලංකාව 235/8 (පන්දුවාර 49.4)
දිනේෂ් චන්දිමාල් නොදැවී 64 (පන්දු 70, 4x1, 6x1)
කුසල් ජනිත් 47 (පන්දු 41, 4x3, 6x4)
තිලකරත්න ඩිල්ෂාන් 45 (පන්දු 69, 4x4)
පාකිස්තාන පන්දු යැවීම
ජුනයිඩ් ඛාන් 31/3 (පන්දුවාර 7.1)
සයීඩ් අජ්මාල් 43/2 (පන්දුවාර 10)
මොහොමඩ් හෆීස් 36/1 (පන්දුවාර 9)
මෙම තරයෙන් පසු බිහිවූ වාර්තා
01. තරගාවලිය තුළ හෆීස් ලකුණු 448 රැස්කීරීමට සමත්වූ අතර, එය පාකිස්තාන පිතිකරුවෙකු තරග 5කින් සමන්විත එක්දින තරගාවලියක රැස්කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව විය.
02. හෆීස් රැස්කළ ශතක තුන පාකිස්තාන පිතිකරුවෙකු තරගාවලියක් තුළ ශතක තුනක් රැස්කළ තෙවැනි අවස්ථාව වූ අතර, හෆීස් රැස්කළ ශතක තුනත්, අහමඩ් ශෙසාඩ් රැස්කළ ශතකයත් සමගින් පාකිස්තානය මෙම තරගාවලිය තුළ ශතක හතරක් රැස්කිරීමට සමත්වූ අතර, එය තරගාවලියක් තුළ ශතක හතරකට වඩා රැස්කළ පස්වැනි අවස්ථාව විය.
03. හෆීස් මෙම වසර තුළ ලකුණු 1301 රැස්කිරීමට සමත්වූ අතර, එය ඔහු වසර තුනක් ඇතුලත ලකුණු 1000 කඩඉම පසුකළ තෙවැනි අවස්ථාවද විය.
04. මිස්බා උල් හක් මෙම තරගාවලියේ රැස්කළ අර්ධ ශතක දෙකක් සමග ඔහු 2013 වර්ෂය තුල අර්ධ ශතක 15 රැස්කිරීමට සමත්වූ අතර, එය පිතිකරුවෙකු වසරක් තුළ රැස්කළ වැඩිම අර්ධ ශතක සංඛ්‍යාව විය.
05. මිස්බා උල් හක් (1373) හා මොහොමඩ් හෆීස් (1301) 2013 වසරේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර පළමු හා දෙවැනි ස්ථානවල පසුවන අතර, එය 21 වසරකට පසු පාකාස්තාන පිතිකරුවන් දෙදෙනෙකු වසරක් තුළ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර ඉදිරියට පැමිණි පළමු අවස්ථාව වේ.
06. තරගාවලිය තුළ පාකිස්තානය ලකුණු 1318 රැස්කිරීමට සමත්වූ අතර, එය තරග පහකින් සමන්විත එක්දින තරගාවලියක් තුළ පාකිස්තානය රැස්කළ තෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව විය.
07. ජුනයිඩ් ඛාන් මෙම තරගාවලියේදී කඩුලු 13ක් බිඳදැමීමට සමත්වූ අතර, එය පාකිස්තාන පන්දු යවනනෙකු තරගාවලියක් තුළ බිඳදැමූ දෙවැනි වැඩිම කඩුලු සංඛ්‍යාව විය. එමෙන්ම ජුනයිඩ් බිඳදැමූ කඩුලු 13 වමත් වේග පන්දු යවන්නෙකු තරගාවලියක් තුළ බිඳ දැමූ දෙවැනි වැඩිම කඩුලු සංඛ්‍යාව වේ.
08. සංගක්කාර මෙම තරගාවලිය තුළ රැස්කළ අර්ධ ශකක දෙකත් සමග ඔහු මෙම වසර තුළ ලකුණු 50 කඩයිම පසුකළ 12 වැනි අවස්ථාව වූ අතර, එය 1997 වසරේදී සනත් ජයසූරිය ලකුණු 50 කඩයිම පසුකළ 12 වතාවට සම කිරීමක් විය. කෙසේ වෙතත් සංගා 2006 වසරේ වසරක් තුළ ලකුණු 50 කඩයිම 13 වතාවක් පසුකර ඉදිරියෙන් සිටියි.