පාකිස්තානය හා පැවැති විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් නොවූ දිනේෂ් චන්දිමාල් කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලිය සඳහා නම් කර තිබේ.
පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලියේදී චන්දිමාල් කණ්ඩායමට නම් නොකිරීම ගැන ක්‍රිකට් තේරීම් කමිටුවට දිගින් දිගටම චෝදනා එල්ල විය.
තරග දෙකකින් සමන්විත කෙදෙව් කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (05දා) ප්‍රකාශයට පත්කරනු ලැබීය.
කෙසේ වෙතත් පාකිස්තාන තරගාවලියට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියට ඇතුළත් වූ නවක ක්‍රීඩකයන් වන ධනංජය ද සිල්වා, චතුරංග ද සිල්වා හා දසුන් ශානක යන ක්‍රීඩකයන්ට සංචිතයේ ස්ථානය අහිමිව තිබේ. ඔවුන් තිදෙනා වෙනුවට දිනේෂ් චන්දිමාල්, දුෂ්මන්ත චමීර හා සචිත්ර සේනානායක සංචිතයට කැඳවා තිබේ.
කිතුරුවන් විතානගේ හා නුවන් කුලසේකරද සංචිතයේ ස්ථාන වෙන්කර තිබේ. පාකිස්තානයට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියේදී නැවතත් දක්ෂතා අතරට පැමිණි චාමර කපුගෙදරද සංචිතයේ ස්ථානය ආරක්ෂා කරගැනීමට සමත්ව තිබේ. තිසර පෙරේරාත් කණ්ඩායමට ඇතුළත්ව තිබේ. විස්සයි20 තරග දෙක 09 දා පල්ලේකැලේ පිටියේදීත්, 12 දා ප්‍රේමදාස පිටියේදීත් පැවැත්වීමට නියමිතය.
ඡායාරූපය - ශාන්ත රත්නායක
ශ්‍රී ලංකා සංචිතය:- ලසිත් මාලිංග (නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත් පෙරේරා, ශෙහාන් ජයසූරිය, ඇන්ජලෝ මැතිව්ස්, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, දිනේෂ් චන්දිමාල්, කිත්රුවන් විතානගේ, දුෂ්මන්ත චමීර, නුවන් කුලසේකර, සචිත්ර සේනානායක, ජෙෆ්රි වැන්ඩර්සේ, බිනුර ප්‍රනාන්දු, තිසර පෙරේරා