(UPDATE) සිය එක්දින ක්‍රිකට් දිවියේ දෙවැනි ශතකය වාර්තා කිරීමට ළහිරු තිරිමාන්න අද (25දා) සමත්විය.
පන්දු 110කට මුහුණදුන් තිරිමාන්න හතරේ පහර 11ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 102 ක් රැස්කිරීමට සමත්විය. ඔහුට අමතරව කුමාර් සංගක්කාර සිය එක්දින ක්‍රිකට් දිවියේ 84 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 67 ක් රැස්කළේය.
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද ආරම්භ වූ ශ්‍රී ලංකා - පාකිස්තාන පළමු තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 04 ක් දැවී පන්දුවාර 39 ක් අවසානයේ ලකුණු 225 ක් රැස්කරගෙන සිටියි.
-----------------------------------------------------------------------------
ආසියානු ශූරතා එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (25දා) ෆාටුල්ලාහ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භ වූ පළමු එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. අද තරගයේදී 24 වියති වමත් පිතිකරු චතුරංග ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් හිමිකර ගත්තේය.
පාකිස්තාන කණ්ඩායම
සාර්ජිල් ඛාන්, අහමඩ් ශෙසාද්, මොහොමඩ් හෆීස්, ශොයිබ් මක්ෂූඩ්, මිස්බා උල් හක්, උමර් අක්මාල්, ෂහිඩ් අෆ්රිඩි, බිලාවල් බහට්ටි, උමාර් ගුල්, සයීඩ් අජ්මාල්, ජුනයිඩ් ඛාන්,
ශ්‍රි ලංකා කණ්ඩායම
කුසල් ජනින් පෙරේරා, ළහිරු තිරිමාන්න, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, චතුරංග ද සිල්වා, තිසර පෙරේරා, සචිත්ර සේනානායක, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්