ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රිස් ගේල් හදිසියේම තරගාවලිය අතර නැවතත් ජැමෙයිකාව බලා පිටත්ව ගොස් තිබේ. ඒ අනුව ඔහුට අද පැවැත්වෙන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහි තරගය මෙන්ම අනිද්දා (22දා) පැවැත්වෙන පූනේ කණ්ඩායමට එරෙහි තරග ද්විත්වයම අහිමිවන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ක්රස් ගේල් හදිසියේම අයි.පී.එල්. තරගාවලිය අතර නැවතත් ජැමෙයිකාවට යාමට හේතුව වී ඇත්තේ ඔහුගේ බිරිද සිය පළමු දරු ප්‍රසූතිය බලාපොරොත්තුවෙන් සිටින හෙයිනි. ගේල් පසුගිය 17 දා මෙසේ ජැමෙයිකාව බලා ගොස් තිබේ.