ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ‘සුපිරි 10’ වටයේ ශ්රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර බැංගලෝර්හි චින්නස්වාමි ක්රීඩාංගණයේදී අද (20 දා) පැවැත්වෙන තරගයට සුපිරි පිතිකරු ක්රිස් ගේල් සහභාගි වීම නිසා එම තරගයේ ප්රවේශපත් මිලදී ගැනීමට ක්රීඩාංගණය ඉදිරිපිට ඊයේ (19දා) දවස පුරා දැඩි තදබදයක් පැවතුණි.
ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ ප්රධානතම ක්රීඩකයෙකු වන ගේල් එහිදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල නියෝජනය කිරීම නිසා බැංගලෝර් ජනතාව ඔහු කෙරෙහි දැඩි ඇල්මක් දක්වයි.
එංගලන්තයට එරෙහිව පැවැති තරගයේදී ක්රිස් ගේල් පන්දු 47 කින් නොදැවී ලකුණු 100 ක් රැස් කිරීම හේතුවෙන් ඉන්දීය ප්රේක්ෂකයන් තුළ ගේල් කෙරෙහි දැඩි අවධානයක් යොමු වී තිබේ.
ප්රවේශපත් මිලදී ගැනීමට පැමිණි ප්රේක්ෂකයකුගෙන් කළ විමසුමකදී පැවසුවේ ක්රිස් ගේල් මේ තරගයේදී අනගි ඉනිමක් ක්රීඩා කරනු ඇති බවට විශ්වාස කිරීම නිසා අපහසුතාව නොබලා ප්රේවේශපත් මිලදී ගැනීමට පැමිණි බවයි.
යොහාන් බාසුර ඉන්දියාවේ බැංගලෝරයේ සිට