ගේල් BBL පිටිය හැඩ කරයි
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග තරගාවලියේ 2017 ශූරතාව හිමිකර ගැනීමට රංග්පූර් රයිඩර්ස් කණ්ඩායම සමත්විය. ඒ ඊයේ (12දා) පැවැති අවසන් තරගයෙන් එහි හිටපු ශූරයන් වූ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම ලකුනු 57කින් පරාජයට පත්කරමිනි.
රංග්පූර් කණ්ඩායම වෙනුවෙන් ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ ක්‍රිස් ගේල් නොදැවී ලකුණු 146ක් වාර්තා කළේය. (පන්දු 69, හතරේ පහර 5, හයේ පහර 18) ඒ අනුව ඔවුන් පන්දුවාර 20ට එක් කඩුල්ලක් දැවී ලකුණු 206ක් රැස්කළේය. ගේල් හා බ්‍රෙන්ඩන් මැකලම් (51*) දෙවැනි කඩුල්ලට නොදැවී ලකුණු 201ක සබඳතාවක් පැවැත්වීමට සමත්විය.
ලකුණු 207ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඩකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 149/9ක් පමණි.
මෙම තරයේදි රංග්පූර් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකාවේ ඉසුරු උදාන පන්දුවාර 4කදී ලකුණු 25ට කඩලු දෙකක් දවා ගැනීමට සමත්විය.
ගේල්ගේ ඉනිමේ විශේෂත්වයන්
විස්සයි20 තරගයක වැඩිම හයේ පහර සංඛ්‍යාව (18)
බී.බී.එල්. තරගාවලියේ තනි ක්‍රීඩකයෙකුගේ ඉහළම ලකුණු
බී.බී.එල්. ශතක පහක් රැස්කළ එකම පිතිකරු
ගේල්ගේ 20 වැනි විස්සයි20 ශතකය වෙන අතර වැඩිම විස්සයි20 ශතක ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


