ශී‍්‍ර ලංකා ගුවන් හමුදා 63 වැනි සංවත්සරයට සමගාමීව අඛණ්ඩව 15 වැනි වරට පවත්වනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය කොළඹ සිට යාපනය දක්වා අදියර තුනක් යටතේ මේ මස මස 20, 21 සහ 22 යන දිනවලදී පැවැත්වේ.
පිරිමි පාපැදි සවාරියේ පළමු අදියර (20දා) කොළඹ සිට දඹුල්ල කි.මී. 147.9 දුරකින් පැවැත්වෙන අතර, දෙවැනි අදියර 21දා දඹුල්ල සිට වවුනියාව දක්වා කි.මී.120.2 දුරකින් පැවැත්වේ. අවසන් අදියර කි.මී 141 දුරකින් 22දා වවුනියාව සිට යාපනය දක්වා පැවැත්වේ. සවාරියේ සමස්ත දුර ප්‍රමාණය කි.මී 410කි.
කාන්තා සවාරියද 22දා යාපනයේදී පැවැත්වේ. යාපනය දොරෙයිප්පා ක්‍රීඩාංගණයේ සිට පේදුරුතුඩුව හරහා නැවතත් තරග ආරම්භක ස්ථානය දක්වා කි.මී.82.1ක දුරකින් එය පැවැත්වේ. එම තරගය සඳහා සහභාගීවන දිවයිනේ අනෙකුත් ක්‍රීඩිකාවන්ට ප්‍රවාහන පහසුකම් ලබාදීමට කටයුතු යොදා ඇත.
තරගයේ අයදුම්පත් මේ මස 19 වැනිදාට ප්‍රථම ලේකම්, ගෲප් කපිතාන්, එල්.එම්.එස්.කේ. ලීලාරත්න, සාමාන්‍ය ඉන්ජිනේරු, අධ්‍යක්ෂක මණ්ඩලය, ගුවන් හමුදා මූලස්ථානය, කොළඹ යන ලිපිනයට තැපැල් යොමුකළ යුතු අතර, පැමිණ හෝ 0112- 343966 ෆැක්ස් අංකයට යටතේද යොමුකළ හැකිය.