ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු අදියරේ ජය අශේන්ට
අදියර 03 කින් සමන්විත 17 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු අදියර ජයගැනීමට ගුවන් හමුදාවේ අශේන් තාරුක සමත්විය.
මෙහි දෙවැනි ස්ථානය නාවික හමුදාවේ ඉෂාන් මධුසංකටත්, තෙවැනි ස්ථානය යුද හමුදාවේ ලක්ෂ්මන් විජේරත්නටත් හිමිවිය.
තරගාවලියේ පළමු අදියර කොළඹ ගුවන් හමුදා මූලස්ථානයෙන් අද (25දා) ඇරඹුණු අතර, කිලෝමීටර් 183 කට දුරක් ගෙවා ඇඹිලිපිටිය අබාන්ස් ආයතනය ඉදිරිපිටින් අවසන් විය.
සාග් රන් පදක්කම් 02 ක් දිනූ ජීවන් ජයසිංහද මෙම තරගාවලියට සහභාගී වූ අතර, ඔහුට පළමු ස්ථාන 03 ඇතුළත තරගය නිමා කිරීමට නොහැකි විය.
හෙට (26දා) තරගයේ දෙවැනි අදියර ඇඹිලිපිටියේ සිට වීරවිල දක්වා පැවැත්වෙන අතර, එහිදී පළමු අදියරේ ශූරතාව දිනූ අශේන් තාරුකට තප්පර 10 ක ප්රසාද කාලයක් හිමිවේ. එමෙන්ම සමස්ත තරගාවලියේ මේ වනවිට ජයග්රාහකයා වශයෙන් ඔහු හෙට තරගයේදී කහ පැහැති ජර්සිය පැලඳ ක්රීඩා කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

