මහේ්න්ද්ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් රයිසිං පූනේ සුපර්ගේන්ට්ස් කණ්ඩායම පරාජය කළ කඩුලු හතක පහසු ජයක් වාර්තා කිරීමට සුරේෂ් රයිනාගේ නායකත්වයෙන් යුතු ගුජරාට් ලයන්ස් කණ්ඩායම සමත්විය.
ඉන්දීය ප්රිමියර් ලීග තරගාවලියේ හයවැනි තරගය ලෙසින් මෙය පැවැති අතර ලකුණු 164ක ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි ගුජරාට් කණ්ඩායම කඩලු තුනක් පමණක් වැය කර තරගයේ 18වැනි පන්දුවාරයේදී ඉලක්කය පසුකර ගියේය.