සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ගාල්ලේදි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ තෙවැනි දිනය නිමා වන විට තරගයේ පාලනය ශ්රී ලංකා කණ්ඩායම වෙත ලබා ගැනීමට ශ්රී ලංකා ක්රීඩකයෝ සමත්වූහ.
ශ්රී ලංකකා ඉනිම ලකුණු 300කට සීමා වු අතර පළමු ඉනිම ක්රී්ඩා කරමින් සිටින පාකිස්තාන කණ්ඩායම දිනය නිමාවන විට කඩුලු පහක් දැවී ලකුණු 118ක් රැස්කර ගෙන සිටියේය.
ශ්රී ලංකා කණ්ඩායමේ වැඩි ගෞරව හිමිකර ගැනිමට කෞෂාල් සිල්වා හා ධම්මික ප්රසද් සමත්වූහ.
කෞෂාල් අද දිනයේදී රැස් කළේ සිය දෙවැනි ටෙස්ට් ශතකයයි. පාකිස්තාන ඉනිමේ පළමු කඩුලු දෙකම ධම්මික ප්රසාද් විසින් දවා ගත්තේය.
හෙට තරගයේ සිවුවැනි දිනයයි. තරගයේ පළමු දිනය වර්ශාව හේතුවෙන් පැවැත්වීමට නොහැකි විය.
ඡායාරූප ශාන්ත රත්නායක