බම්බලපිටිය ශාන්ත පීතර විදුහල ලකුණු 27-22 ක් ලෙස පරාජයට පත් කරමින් මයිලෝ ජනාධිපති කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ගල්කිස්ස විද්‍යා විදුහල සමත් විය.
කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති තරගයේ පළමු අර්ධයේදී වඩා ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වූ විද්‍යා විදුහල් ක්‍රීඩකයෝ එම අර්ධය අවසන් වනවිට ලකුණු 22-05 ක් ලෙසින් ඉදිරියෙන් සිටීමට සමත් විය.
ජයග්‍රාහී විද්‍යා ක්‍රීඩකයන් ගෝල දිනුම් 02 ක්, උත්සාහක දිනුම් දෙකක් හා එක් දඬුවම් පහරක් ආධාරයෙන්ද, ශාන්ත පීතර ක්‍රීඩකයන් ගෝල දිනුමක් හා උත්සාහක දිනුම් දෙකක් මගින්ද සිය ලකුණු රැස්කළහ.
ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු