ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දෝනිගෙන් විරාට් කෝලිට ලබාදීමට සුදුසුම කාලය එළැඹ ඇති බව හිටපු ඉන්දීය කණ්ඩායමේ අධ්යක්ෂ රවී ශාස්ත්‍රි ප්‍රකාශ කරයි.
රූපවාහිනී නාලිකාවකට අදහස් දැක්වූ ශාස්ත්‍රි කියා සිටියේ, ඉන්දීය ක්‍රිකට් වැදගත් තැනකට රැගෙන ඒමට ටෙස්ට් ඇතුළු සියලු ක්‍රිකට් තරගාවලිවල නායකත්වය කෝලිට ලබාදිය යුතු බවයි.
ඉන්දීය ක්‍රිකට්හි වසර තුනක පමණ සිට ඇති පසුගාමී තත්ත්වයද, ලෝක කුසලාන අවස්ථා අහිමි වීම යන කාරණා මත නැවතත් ප්‍රධාන අරමුණක් යටතේ එකී තත්ත්වයන් අවම කිරීමට හොඳම කාලය මෙය බව ඔහු තවදුරටත් ප්‍රකාශ කරයි.
ෂෙහානි දිල්රුක්ෂිකා