ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වීමට රෝයන් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඊයේ (24දා) සමත්වුණා. ඒ තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලැබීමට පැවැති පළමු තරගයෙන් ගුජරාට් ලයන්ස් කණ්ඩායම පරාජය කරමින්.
ලකුණු 158ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය බැංගලෝර් කණ්ඩායම කඩුලු හයක් පමණක් වැයකර එම ඉලකකය පසුකර ගියේ පන්දුවාර 18.2කිනි. බැංගලෝර් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය දකුනු අප්‍රිකාවේ ඒ.බී. ඩිවිලියර්ස් නොදැවී ලකුණු 79ක් රැස්කළේ හයේ හා හතරේ පහර පහ බැගින් එල්ල කරමිනි.
තරගය ගුජරාට් කණ්ඩායම පරාජයට පත්වුවත් අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලැබීමට තවත් එක් අවස්ථාවක් ඔවුන්ට හිමිය. ඒ අනුව අද පැවැත්වෙන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අතර හෙට පැවැත්වෙන තරගය ඔවුන් ජයගන්නේ නම් ගුජරාට් කණ්ඩායමට අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම හැකියාව ලැබෙයි. අවසන් මහ තරගය එළැඹෙන 29දා පැවැත්වීමට නියමිතය.