පැසිපන්දු ක්රීඩාවේ එදා මෙදාතුර බිහිවූ විශිෂ්ට ගණයේ ක්රීඩකයෙකු ලෙස සැලකෙන ලොස් ඇන්ජලීස් ලේකර්ස් කණ්ඩායම නියෝජනය කරන කෝබේ බ්රයන්ට් සිය ක්රීඩා ජීවිතයෙන් සමුගැනීම ප්රකාශයට පත්කර තිබේ.
20 වැනි එන්.බී.ඒ. (NBA) තරගවාරයෙන් අනතුරුව ඔහු පැසිපන්දු ක්රීඩාවට සමුදීමට නියමිතය. කෙසේ වෙතත් ඔහුගේ මෙම තීරණය සම්බන්ධව ලේකර්ස් කණ්ඩායමේ ක්රීඩකයන් රැසක් මවිතය පළකර ඇති අතර, එහෙත් තරග වාරය අතරතුර ඔහු අවස්ථා කිහිපයකදීම සිය සමුගැනීම පිළිබඳව ක්රීඩකයන් හා සාකච්ඡා කර තිබේ.
37 හැවිරිදි බ්රයන්ට් ඊයේ (29දා) සිය සමුගැනීම ප්රකාශයට පත්කළ අතර, ඒ අනුව ඔහු මෙවර (20වැනි) එන්.බී.ඒ තරගවාරයෙන් අනතුරුව පැසිපන්දු ක්රීඩාවට සමුදීමට නියමිතය. ඔලිම්පික් පදක්කම් ද්විත්වයක්, පැසිපන්දු ශූරතා 5 ක් තරගයක ප්රසාද ලකුණු 81 ක් (මෙය එන්.බී.ඒ. තරග ඉතිහාසයේ දෙවැනි ඉහළම ප්රසාද ලකුණු ලබාගැනීමයි) ප්රසාද ලකුණු 32000 කට වැඩියෙන්ද රැස්කළ සුපිරි පැසිපන්දු තරුවක් ලෙස බ්රයන්ට් ලෝ පුරා පැසිපන්දු විචාරකයෝ හඳුන්වා දෙති.