පස්වැනි විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමත්විය. ඒ නවසීලන්ත කාන්තා කණ්ඩායම පරාජය කරමිනි.
ඒ අනුව තරගාවලිය පුරාම අපරාජිතව සිටීමට නවසීලන්ත කාන්තා කණ්ඩායමට හැකිවුවත් තීරණාත්මක තරගයේදී ඔවුන් පරාජයට පත්විය.ලකුණු 144ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමට රැස්කළ හැකි වූයේ ලකුණු 137ක් පමණි.
පිරිමි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ඊයේ පැවැති අතර එහිදී නවසීලන්ත කණ්ඩායම එංගලන්ත කණ්ඩායම හමුවේ පරාජයට පත්විය. තරගාවලියේදී ඔවුන් පළමු වටයේ අපරාජිතව සිටියේය.
කාන්තා තරගාවලියේ අවසන් තරගය සඳහා මේ වන ඔස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් සුදුසුකම් ලබා ඇත. අවසන් මහ තරගය 03දා පැවැත්වීමට නියමිතය.