(UPDATE) දෙවැනි වතාවටත් අයි.පී.එල් කිරුළ බටහිර බෙංගාලයට රැගෙන යමින් බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේ ඊයේ (01දා) පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසාන මහා තරගයෙන් කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායම පරාජය කර කඩුලු තුනක තියුණු ජයක් ලබාගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්විය. මීට පෙර කොල්කටා කණ්ඩායම 2012 වසරේදී මෙම ශූරතාවට හිමිකම් කීය.
ලකුණු 200ක ඉලක්කයක් හඹාගිය කොල්කටා පිතිකරුවෝ තරගයේ 19.3 වැනි පන්දුවේ දී එම ඉලක්කය පසුකර යාමට සමත්වූහ. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් කොල්කටා කණ්ඩායම ජයග්‍රහණය පෙනෙන මානයට රැගෙන ආ මනීෂ් පාන්ඩේ පන්දු 50කදී ලකුණු 94ක් රැස්කිරීමට සමත්විය.
කොල්කටා ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 199/4 රැස්කිරීමට සමත්විය.
පංජාබ් ඉනිම ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය රිද්ධිමන් සාහා පන්දු 55කදී නොදැවී ලකුණු 115ක් රැස්කිරීමට සමත්විය. එය ඉන්දීය කඩුලු රකින්නෙකු අයි.පී.එල් තරග ඉතිහාසයේ වාර්තා කළ පළමු ශතකය විය.
අවසන් තරගයේ වීරයා ලෙස මනීෂ් පාන්ඩේ සම්මාන හිමිකරගත්තේය. ඊට අමතරව තරගාවලියේ අනභිභවනීය උඩපන්දුව රැකගත් ක්‍රීඩකයා ලෙස කිරන් පොලාඩ්, නැගීඑන ක්‍රීඩකයා ලෙස අක්ෂ පටෙල් (පංජාබ්) සහ සාධාරණ කණ්ඩායම ලෙස චෙන්නායි සුපර් කිංග්ස් සම්මාන හිමිකරගත්තේය.
ශූරතාව හිමිකරගත් කොල්කටා කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 15ක මුදල් ත්‍යාගයක් හිමිවූ අතර, අනුශූරතාව හිමිකරගත් පංජාබ් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 10ක මුදල් ත්‍යාගයක් හිමිවිය.
කොල්කටා කණ්ඩායමේ හිමිකරු ලෙස ශාරුක් ඛාන් කටයුතු කළ අතර, පංජාබ් කණ්ඩායමේ කණ්ඩායමේ හිමිකාරිනිය ලෙස ප්‍රිටී සින්ටා කටයුතු කළාය.
පංජාබ් 199/4 (පන්දුවාර 20)
රිද්ධිමන් සාහා 115* (පන්දු 55, 4x10, 6x8)
මනන් වෝහ්රා 67 (පන්දු 52, 4x6, 6x2)
පියුෂ් චව්ලා 2/44 (පන්දුවාර 4)
උමේෂ් යාදව් 1/39 (පන්දුවාර 4)
කොල්කටා 200/7 (පන්දුවාර 19.3)
මනීෂ් පාන්ඩේ 94 (පන්දු 50, 4x7, 6x6)
යුසුෆ් පතාන් 36 (පන්දු 22, 6x4)
ගෞතම් ගම්බීර් 23 (පන්දු 17, 4x3)
කරන්වීර් සිං 4/54 (පන්දුවාර 4)
මිචෙල් ජොන්සන් 2/41 (පන්දුවාර 4)