ජේසන් හෝල්ඩර්ගේ නායකත්වය යටතේ ටෙස්ට් හා එක්දින තරගාවලි පරාජයවී හිස්අතින්ම ගෙදරයාමට නියමිතව සිටි කොදෙව්වන් සමස්ත තරග සංචාරය තුළ අත්කරගත් එකම සැනසිලිදායක ජයග්‍රහණය ඩැරන් සාමිගේ විස්සයි20 නායකත්වය යටතේ අත්කරගැනීමට ඊයේ (11දා) සමත්විය.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ (11දා) පැවැති දෙවැනි හා අවසන් විස්සයි20 තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර ලකුණු 23 කජයක් ලැබීමට සංචාරක කොදෙව් කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ කොදෙව්වන් අත්කරගත් එකම ජයග්‍රහණය මෙය වේ. ඒ අනුව තරග 1 – 1 ක් ලෙස සම තත්ත්වයෙන් ශ්‍රී ලංකා සංචාරය අවසන්කිරීමට කොදෙව්වන්ට හැකිවිය.
කොදෙව් කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 163ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 139 ක් පමණි. මෙය 2012 වසරේ පැවැති ලෝක කුසලාන අවසන් තරගයෙන් පසු කොදෙව්වන්, ශ්‍රී ලංකාව පරාජය කළ පළමු තරගය වේ. ඊට අමතරව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව මුහුණදුන් දසවැනි විස්සයි20 තරගය මෙය වන අතර, ඉන් ඔවුන් (ශ්‍රී ලංකාව) පරාජය වූ නවවැනි තරගය මෙය විය.
තිලකරත්න ඩිල්ෂාන් රැස්කළ අර්ධ ශතකය (52) හැරෙන්නට වෙනත් කිසිදු පිතිකරුවෙකුට ජයග්‍රහණය පෙනෙන මානයට හෝ ඉනිම රැගෙන යාමට නොහැකි විය. කොදෙව් ජයග්‍රහණයේ කොටස්කරුවන් වූ ඩ්වේන් බ්රාවෝ (4/28) හා රවි රාම්පෝල් (3/20) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 162 ක් රැස්කිරීමට සමත්විය.
අන්ඩ්‍රි ෆ්ලෙචර් සමගින් ජොන්සන් චාර්ලස් කොදෙව් ඉනිම ආරම්භ කළ අතර, ඉනිමට ප්‍රහාරාත්මක ආරම්භයක් ලබාදුන් ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 62ක සබඳතාවක් ගොඩනැගූහ. මිලින්ද සිරිවර්ධනගේ පන්දුවක් හමුවේ ෆ්ලෙචර් (23) කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවීයාමත් සමග එම සබඳතාව බිඳී ගියේය. ඉන් අනතුරුව පිටියට එක්වූ මාලන් සැමුවෙල්ස්ටද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳීසිටීමට නොහැකිවූ අතර, මුළු ලකුණු 65 ක් වනවිට ශෙහාන් ජයසූරියගේ විශිෂ්ට පන්දු රැකීම හමුවේ සැමුවෙල්ස් (01) දුවද්දී දැවීයාමකට හසුව පිටියෙන් ඉවත්විය.
එම දැවීයාමත් සමග කොදෙව් ඉනිම තවදුරටත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉදිරියේ අවනත වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මිලින්ද සිරිවර්ධනගේ දෙවැනි කඩුල්ල ලෙස චාර්ලස් (34) කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවී ගියේය.
කෙසේ නමුත් ඉන් අනතුරුව ඉනිම ගොඩනැගීමේ වගකීම භාරගත් ඩ්වේන් බ්රාවෝ, අන්ඩ්‍රි රසල් හා එක්ව ලකුණු 22 ක සබඳතාවක් ගොඩනගා මුළු ලකුණු 97 ක් දක්වා ඉනිම ඉදිරියට රැගෙන ආවේය. ඒ අතරවාරයේ රසල්ගේ ඉනිම අවසන් වුවද, ඉන් අනතුරුව පිටියට පිවිසි දිනේෂ් රාම්දින් සමගින් එක්වූ බ්රාවෝ ඉනිම තවදුරටත් ශක්තිමත් කරමින් මුළු ලකුණු 138 ක් දක්වා ඉනිම පෙරටර