කොදෙව්වෝ ඉන්දීය එක්දින තරගය වර්ජනය නොකරති
(UPDATE) ඉන්දියාව හා පැවැත්වෙන පළමු එක්දින තරගයට ක්රීඩා කිරිම සඳහා කොදෙව් කණ්ඩායම සියලු පියවරගෙන තිබේ. ඒ අනුව කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තීරණය කළේය.
පළමු එක්දින තරගය සඳහා කොදෙව් කණ්ඩායම ක්රීඩා කිරීමට සූදානම්බවට ඉඟි ඔවුන් විසින් පළකරමින් සිටියි. ඒ අනුව මේවන විට ඔවුන් ක්රීඩාංගණයට වාර්තාකරමින් සිටින බව ක්රික්ඉන්ෆෝ පුවත්සේවය කියයි.
කොදෙව් කණ්ඩායම හා ඉන්දී කණ්ඩායම අතර ඉන්දියාවේ කොචිහිදී තව ස්වල්ප වේලාවකින් ආරම්භවීමට නියමිත එක්දින තරගාවලිය වර්ජනය කිරිමට කොදෙව් කණ්ඩායම සූදානම් වන බව වාර්තාවෙයි.
කොදෙව් කණ්ඩායම හා එහි ක්රිකට් මණ්ඩලය අතර ක්රීඩක කොන්ත්රාත් සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවක් උත්සන්න වීම හේතුවෙන් මෙම ගැටළුව උද්ගතව තිබේ.
පසුගිය මාසයේදී තමන්ට හිමි දීමනා කප්පාදුවක් කර ඇති බව සඳහන් කරමින් කෙදෙව් ක්රීඩකයන් කොන්ත්රාත් සඳහ් අත්සන් නොකළ අතර ඒ පිළිබඳව මැදිහත්වූ බටහිර ඉන්දීය කොදෙව් ක්රිකට් ක්රීඩකයනගේ සංගමයේ ප්රධාන විධායක නිලධාරී තමන්ව රැවැට්ටූ බව සඳහන් කරමින් කොදෙව් ක්රීඩකයන් මෙසේ ඉන්දීය තරගය වර්ජනය කිරීමට සූදානම්වන බවත් වාර්තාවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

