බටහිර ඉන්දීය කොදෙව් පිල හයවැනි විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට ඊයේ (25දා) සමත් විය. කොනදෙව් පිල තරගාවලියේ මේ දක්වා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ දෙවැනි කණ්ඩායම ද වේ. නවසීලන්තය දෙවැනි කාණ්ඩයෙන් අවසන් පූර්ව යටයට සුදුසුකම් ලැබීය.
‘සුපිරි 10’ වටයේ පළමු කාණ්ඩයේ හත්වැනි තරගය ලෙස නාග්පූර්හිදී ඊයේ පැවැති තරගයේදී කොදෙව් පිල කඩුලු 3 කින් දකුණු අප්රිකාව පරාජය කරමින් අවසන් පූර්ව වටයට පැමිණියේය. කොදෙව් පිල මෙම ජයග්රහණයත් සම`ග සහභාගි වූ තරග තුනම ජය ලබා ප්රසාද ලකුණු 6 ක් හිමිකරගෙන සිටියි. ඔවුන්ගේ පළමු වටයේ අවසන් තරගය ඇෆ්ගනිස්තානයට එරෙහිව හෙට (27දා) නාග්පූර්හිදී පැවැත්වේ.
කොදෙව් පිල ලැබූ මෙම ජයග්රහණයත් සම`ග ශ්රී ලංකාව සහ එංගලන්තය අතර අද පැවැත්වෙන තරගයෙන් එංගලන්තය ජය ලැබහොත් එංගලන්තය ද අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබයි. එසේ වුහොත් ශ්රී ලංකාව සහ දකුණු අප්රිකාව අතර ලබන ස`දුදා පැවැත්වෙන තරගය හුදෙක්ම තරගයකට පමණක් සීමා වන අතර එහි ප්රතිඵලය අවසන් පූර්ව වටයට ඒමට දෙපිලටම බලපෑමක් නොකරයි.
අද තරගයෙන් ශ්රී ලංකාව ජය ලබා අවසන් තරගයෙන් දකුණු අප්රිකාව ජය ලැබුව හොත් ශූද්ධ ලකුණු වේගයෙන් දකුණු අප්රිකාව පළමු කාණ්ඩයේ දෙවැනි කණ්ඩායම ලෙස අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබයි. දකුණු අප්රිකාව තරග තුනකට සහභාගි වී ජයග්රහණයක් ලබා ශුද්ධ ලකුණු වේගය ූ0.485 ක් පවත්වමින් තෙවැනි ස්ථානයේ සිටියි.