පැය දෙකකට අධික කාලයක් තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 38කට සීමාකර ආරම්කිරීමට තරග තීරකවරයා කටයුතු කළේය.
වර්ෂාවෙන් තවදුරටත් බාධා
ක්‍රීඩාංගණයට හා කොළඹ අවට ප්‍රදේශයට මේ වනවිට (ප.ව. 5.30) ඇඳහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් තරගයට සම්පූර්ණයෙන් බාධා එල්ලවී ඇත.
තරගයට වාර්ෂාවෙන් බාධා
තරගයට වාර්ෂාවෙන් බාධා ඇතිවී තිබෙන හෙයින් තාවකාලිකව අත්හිටුවා ඇත. කොදෙව් ඉනිමේ පන්දුවාර 26.4 ක් මේ වනවිට අවසන්ව ඇති අතර, කඩුලු 04ක් දැවී ලකුණු 149ක් රැස්කරගෙන සිටියි.
නොදැවී කඩුල්ලේ රැදීසිටින මාලන් සැමුවෙල්ස් ලකුණු 22 ක් හා ජොනතාන් කාටර් ලකුණු 05ක් රැස්කරගෙන සිටියි. කොදෙව් ඉනිම දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙනයාමට උත්සාහ දැරූ ආරම්භක පිතිකරු ජොන්සන් චාර්ලස්, ඉනිමේ දැවී ගිය අවසන් පිතිකරුවා විය.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව
කොදෙව්වෝ පන්දුවාර 20ක් අවසානයේ 199/3
පළමුව පන්දුවට පහරදෙමින් සිටින කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 ක් අවසානයේ මේ වනවිට කඩුලු 03 ක් දැවී ලකුණු 119ක් රැස්කරගෙන සිටියි.
නොදැවී කඩුල්ලේ රැදී සිටින ජොන්සන් චාර්ලස් ලකුණු 76 ක් හා මෙම තරගයේ පමණක් නායකයා ලෙස කටයුතු කරන මාලන් සැමුවෙල්ස් ලකුණු 06ක් රැස්කරගෙන සිටියි.
අන්ඩ්‍රි ෆ්ලෙචර් (0), ජර්මේන් බ්ලැක්වුඩ් (09) හා ඩ්වෙන් බ්රාවෝ (21) දැවීගිය පිතිකරුවන් වෙති. ලසිත් මාලිංග 1/18 (3), සචිත්ර සේනානායක 1/18 (4) හා මිලින්ද සිරිවර්ධන 1/18 (4) මේ දක්වා කඩුලු දවාලූ පන්දු යවන්නෝ වෙති.
කොදෙව් පන්දුවට පහරදීම තෝරා ගනියි
සංචාරක කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීම තෝරාගත්තේය.
පළමු පන්දුවාරයේදීම ඇන්ඩ්‍රේ ෆ්ලෙචර් දවාගැනීමට ලසිත් මාලිංග සමත්විය. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක වෙනුවට දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට කැඳවා තිබුණි.
ඡායාරූප ශාන්ත රත්නායක