කොදෙව් කාන්තාවන්ට කඩුලු 5 ක ජයක්
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 5 කින් පරදා තරග හතරකින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ජය ලැබීමට බ.ඉ. කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13දා)පැවැති මෙම තරගයේදී ලකුණු 150 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොදෙව් ක්රීඩිකවෝ පන්දුවාර 40.1 කදී එම ඉලක්කය පසු කර යාමට සමත් වූහ. කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය ඩෙන්ද්රා ඩොටින් ලකුණු 84 ක් රැස් කළාය.
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දුවාර 49.5 ක් තුළ සියලුම දෙනා දැවී ලකුණු 149 ක් රැස්කළේය. ශ්‍රී ලංකාව යම් ස්ථාවරත්වයකට ගෙන ආ ප්‍රසාදිනී වීරක්කොඩි ලකුණු 42 ක් රැස්කිරීමට සමත් වූවාය.
මෙම තරගයේදී චතුරානි ගුණවර්ධන ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනාගැනීමට සමත් වූවාය.
2017 වර්ෂයේදී පැවැත්වෙන අයි.සී.සී. කාන්තා එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීම වෙනුවෙන් මෙම තරගාවලිය පැවැත්වේ. තරගාවලියේ මීළඟ තරගය අනිද්දා (15දා) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වේ.
ඡායාරූපය ශ්‍රී ලංකා ක්‍රිකට්
ශ්‍රී ලංකාව 149/10(පන්දුවාර 49.5)
ප්‍රසාදනී වීරක්කොඩි 42 (70), ශ්‍රීපාලි වීරක්කොඩි 24 (38) ලසන්ති මධුෂානි 23 (52), හේලි මැතිව්ස් 3/19 (පන්දුවාර 7)
අනීසා මොහොමඩ් 2/10(පන්දුවාර 10)
බ.ඉ.කොදෙව් 153/5 (පන්දුවාර 40.1)
ඩෙන්ඩ්රා ඩොටින් 84 (113), මෙරිස්සා අගුලියේරා 30 (48), ස්ටැසී ඈන් කින්ග් 18 (38), එෂානි ලොකුසූරිය 2/4(පන්දුවාර 3), ඉනෝකා රණවීර 1/24 (පන්දුවාර 10)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

