කොදෙව් ඒ ලකුණු 166ක් ඉදිරියෙන්
ශ්රී ලංකා 'ඒ' කණ්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් 'ඒ' කණ්ඩායම අතර මොරටුව ද සොයිසා ක්රීඩාංගණයේ පැවැත්වෙන තුන්වැනි හා අවසන් නිල නොවන සිවුදින ක්රිකට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්රීඩා කරමින් සිටින බටහිර ඉන්දීය කොදෙව් 'ඒ' කණ්ඩායම අද (27දා) අයහපත් ආලෝකය හේතුවෙන් තෙවැනි දිනට තරගය නතර කරන විට කඩුලු 03 දැවී ලකුණු 183 ක් රැස්කරගෙන සිටියේය.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිමට වඩා කොදෙව් කණ්ඩායම ලකුණු 166ක් ඉදිරියෙන් සිටියි.
කොදෙව් පළමු ඉනිමට පිළිතුරු ලෙස ශ්රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 299 ක් රැස් කළේය. ඒ අනුව කොදෙව් පළමු ඉනිමට වඩා ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 17ක් ඉදිරියෙන් සිටියේය.
පසුගිය සෙනසුරාදා ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දුන්නේය. කොදෙව් ආරම්භක පිතිකරු අසාද් ෆුඩාදීන් ශතකයක් රැස්කළේය. අද (28දා) තරගයේ අවසන් දිනයයි. තරගාවලිය 1-0ක් ලෙස ශ්රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් පසුවෙයි.
කොදෙව් පළමු ඉනිම 282/10 (පන්දුවාර 74.5)
අසාද් ෆුඩාදීන් 103 (පන්දු 187, 4x11)
ක්රිග් බ්රාත්වෙයිට් 75 (පන්දු 119, 4x7)
තරිඳු කෞෂාල් 5/125 (පන්දුවාර 32)
නුවන් ප්රදීප් 4/40 (පන්දුවාර 9)
ශ්රී ලංකා 'ඒ' පළමු ඉනිම 299/6 (පන්දුවාර 72)
උපුල් තරංග 77 (පන්දු 120, 4x12)
දිනේෂ් චන්දිමාල් 44 (පන්දු 103, 4x4)
කාලොස් බ්රාත්වෙයිට් 3/28 (පන්දුවාර 11)
කොදෙව් දෙවැනි ඉනිම 183/03 (පන්දුවාර 66)
ජොනතන් කාටර් 69* (පන්දු 149, 4x5)
අසාද් ෆුඩාදීන් 39 (පන්දු 91, 4x3)
තරිඳු කෞෂාල් 1/60 (පන්දුවාර 21)
අශාන් ප්රියන්ජන් 1/41 (පන්දුවාර 16)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
