එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවැනි ටෙස්ට් තරගය සඳහා කුසල් පෙරේරා කණ්ඩායමට කැඳවනු ඇතැයි ක්‍රීඩා විචාරකයෝ මත පළ කරති. ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ හෙට ( 09දා) පැවැත්වීමට නියමිත මෙම තරගයට සහභාගිවීමට හැකියාව ලැබුණහොත් එය තමාට ලබන මහඟු අවස්ථාවක් බව කුසල් ප්‍රකාශ කරයි.
මාස හයක පමණ තරග තහනමකට ලක්ව සිටි කුසල් පෙරේරාගේ තහනම් උත්තේජක පරීක්ෂණ වාර්තාව යහපත්වීමත් සමග ඔහුට නැවත ක්‍රීඩා කිරීමට අවකාශය උදාවිය. ඒ අනුව එංගලන්ත තරගාවලියේදී ආබාධයකට ලක්වූ ධම්මික ප්‍රසාද් වෙනුවට කුසල් කණ්ඩායමට කැඳවනු ලැබීය.
තමා නිර්දෝෂිභාවයට පත්වූ දිනයේ සිටපුහුණුවීම් නැවත ආරම්භ කළ බව කුසල් ප්‍රකාශ කළේය.
"මාස හයක් පමණ ක්‍රීඩා පුහුණුවීම් කටයුතු නොකළ නිසා ශරීර යෝග්‍යතාව යහපත්ව නොතිබුණත් දැන් එය යහපත් අයුරින් පවතිනවා. නැවත තරගාවලියට පැමිණීමේදී සම්පූර්ණයෙන්ම නැවුම් බවකින් යුක්තව තරගය මුහුණදීමට හැකියි" කුසල් ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට එංගලන්ත ටෙසට් තරගාවලිය 2-0 ලෙස පරාජයට පත්ව තිබේ.
ෂෙහානි දිල්රුක්ෂිකා