කුසල් මගේ තැන දැනටමත් ගත්තා
ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක තුන ස්ථානයේ ක්‍රීඩා කළ සුපිරිම පිතිකරුවා වශයෙන් කුමාර් සංගක්කාර පිළිගැනෙනු ලැබෙයි. කෙසේ වෙතත් ඔහු විශ්‍රාම ගැනීමෙන් පසුව අංක තුනේ ස්ථානය මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිය පිළිබඳව හිදැසක් නිර්මාණය විය.
සංගාගෙන් පසුව අංක තුන ස්ථානයේ වගකීම ගන්නේ කුමන ක්‍රීඩකයාද යන්න පිළිබඳව බොහෝ දෙනෙකු කතා කළ මාතෘකාවක් විය. නමුත් නවක ක්‍රීඩක කුසල් මෙන්ඩිස් දක්වන දක්ෂතා අනුව බොහෝ විට ඔහු අංක තුන ස්ථානයේ ස්ථාවෙර වෙන බව පෙනෙන්නට තිබෙන බව ක්‍රීඩා විචාරකයෝ පවසති.
ඊයේ කුසල් වාර්තා කළ ශතකය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙන අතර මෙය සමාජ මාධ්‍ය අතර වේගයෙන් ව්‍යාප්ත විය. කුසල් ශතකය වාර්තා කිරීමේන් පසුව සංගා ඔහුට සුබ පැතුම් එක් කළ අතර මහේල ජවර්ධනද ඒ සඳහා සතුට ප්‍රකාශ කළේය.
මේ අතර රෆී කලීල් නම් ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකු කුමාර් සංගකාරගෙන් ට්විටර් හරහා සංගාගෙන් විමසා ඇත්තේ කුසල් මෙන්ඩිස්ට සංගාගේ අඩුව පිරවිය හැකිච යන්නයි. එයට පිළිතුරු ලියමින් සංගා පවසන්නේ කුසල් මෙන්ඩිස් දැනටමත් තමාගේ අඩුව පුරවා ඇති බවයි.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

