ශ්රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්රීඩක නුවණ් කුලසේකර ටෙස්ට් පිටියෙන් විශ්රාම ගැනීමට තීරණය කර තිබෙනවා.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිල ට්විටර් ගිණුම මේ බව ප්රකාශයට පත්කර ඇති අතර සීමිත පන්දුවාර තරග පළිබඳව අවධානය යොමු කිරීමට ඔහු මෙසේ ටෙස්ට් පිටියෙන් සමුගෙන ඇති බවයි එහි සඳහන් වනනේ.
34 වැනි විය ආසන්නයේ සිටින කුලසේකර සිය ටෙස්ට් දිවියේ ක්රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 21ට පමණි. ශ්රී ලංකා කණ්ඩායම 2014 වසරේ ජුනි මාසයේ කළ එංගලන්ත සංචාරයේ ලෝඩ්ස් පිටියේ පැවැති තරගය කුලසේකර සිය ටෙස්ට් දිවියේ ක්රීඩා කළ අවසන් ටෙස්ට් තරගය විය.
2005 වසරේසී කුලසේකර නවසීලන්තයට එරෙහිව ටෙස්ට් වරම් හිමිකර ගත්තේය.