දක්ෂතම ප්රහාරකයා ලෙස නාවික හමුදාවේ ආර්.ජී.එස්. කුමාරසිංහත්, දක්ෂතම ප්රහාරක ක්රීඩිකාව ලෙස මාස් සදර්න් 'ඒ' ක්රීඩා සමාජයේ ජේ.ඒ.ඩී. ජයසිංහත් සම්මාන හිමිකර ගනිමින් 2014 ජාතික ශූරතා බොක්සිං තරගාවලිය ඊයේ (14දා) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේදී නිමාවට පත්විය.
තරගාවලියේ දක්ෂතම පරාජිතයා හා පරාජිත ක්රීඩිකාව බවට පත්වූයේ පිළිවෙළින් ස්ලිම්ලයින් 'බී' කණ්ඩායමේ එස්.එන්. හීලබත්දෙණිය හා කැෂුවලයින් කණ්ඩායමේ නිරංජලා සේනානායකයි.
තරගාවලියේ පිරිනමන ලද අනෙකුත් ශූරතා පහත පරිදි වේ.
කණ්ඩායම් ශූරතාව (පිරිමි) - ස්ලිම්ලයින් 'ඒ'
කණ්ඩායම් ශූරතාව (කාන්තා) - මාස් සදර්න් 'ඒ'
වසරේ සාර්ථකම ක්රීඩා සමාජය - ස්ලිම්ලයින්
වසරේ සාර්ථකම බොක්සිං ක්රීඩකයා - එම්.වයි.එම්. දිල්ෂාන් - ශ්රී ලංකා ගුවන් හමුදාව
ඡායාරූප ශමීර රාජපක්ෂ